1. මූලික ප්‍රතිපත්තිය — දස අකුසල්වලින් වැළකීම
යහපත් සමාජයක් ගොඩනැඟීමේ පළමු පියවර වන්නේ තම සිත, වචනය සහ ක්‍රියාව යහපත් කර ගැනීමයි. ඒ සඳහා බුදු දහමේ ඉගැන්වෙන දස අකුසල්වලින් වැළකීම මූලික ආචාරධර්මයක් ලෙස පිළිගනිමු.
කායික අකුසල් තුන
ප්‍රාණඝාතයෙන් වැළකීම — ජීවීන්ගේ ජීවිත අහිමි කිරීමෙන් හා හිංසා කිරීමෙන් වැළකීම.
අදත්තාදානයෙන් වැළකීම — අනුන් සතු දේ අවසරයකින් තොරව ගැනීමෙන් වැළකීම.
කාමමිථ්‍යාචාරයෙන් වැළකීම — අන්‍යයන්ගේ අයිතිවාසිකම්, විශ්වාසය සහ කැමැත්ත උල්ලංඝනය කරන ලිංගික හැසිරීම්වලින් වැළකීම.
වාචසික අකුසල් හතර
මුසාවාදයෙන් වැළකීම — දැන දැන බොරු කීමෙන් හා අසත්‍ය තොරතුරු පතුරුවා හැරීමෙන් වැළකීම.
පිසුණාවාචයෙන් වැළකීම — පුද්ගලයන් හෝ කණ්ඩායම් අතර භේද ඇති කරන කේලාම් කීමෙන් වැළකීම.
පරුෂ වචනයෙන් වැළකීම — අපහාස කිරීමෙන්, නින්දා කිරීමෙන් සහ අන්‍යයන්ගේ ගෞරවය කඩ කරන වචන භාවිතයෙන් වැළකීම.
සම්ඵප්‍රලාපයෙන් වැළකීම — අර්ථ විරහිත හෝ නොසැලකිලිමත් කතා මඟින් අන්‍යයන්ට හානි කිරීමෙන් හා නොමඟ යැවීමෙන් වැළකීම.
මානසික අකුසල් තුන
අභිධ්‍යාවෙන් වැළකීම — අනුන් සතු දේ අයුතු ලෙස තමන්ට හිමි කර ගැනීමේ ලෝභයෙන් වැළකීම.
ව්‍යාපාදයෙන් වැළකීම — අන්‍යයන්ට හානි සිදුවේවා යන ද්වේෂ සහගත සිතිවිලිවලින් වැළකීම.
මිථ්‍යාදෘෂ්ටියෙන් වැළකීම — ක්‍රියාවන්ට හා ඒවායේ ප්‍රතිඵලවලට වගකීමක් නැතැයි සිතන වැරදි දෘෂ්ටීන් පිළිබඳ විමසිලිමත් වීම.
2. සාමාජිකයන් විසින් අනිවාර්යයෙන් පිළිපැදිය යුතු අතිරේක රීති
11. අන්‍යයන්ගේ ගෞරවය සුරකින්න. ජාතිය, ආගම, භාෂාව, ස්ත්‍රී–පුරුෂභාවය, සමාජ තත්ත්වය හෝ වෙනත් පෞද්ගලික ලක්ෂණ පදනම් කරගෙන වෙනස්කම් නොකරන්න.
12. පොදු දේපළ හා පරිසරය සුරකින්න. පොදු ස්ථාන අපවිත්‍ර කිරීමෙන්, දේපළ හානි කිරීමෙන් සහ අන්‍යයන්ගේ සාධාරණ භාවිතයට බාධා කිරීමෙන් වළකින්න.
13. අන්‍යයන්ගේ නිදහස හා පෞද්ගලිකත්වය ගරු කරන්න. අවසරයකින් තොරව පෞද්ගලික තොරතුරු හෙළි කිරීමෙන්, හිරිහැර කිරීමෙන් සහ අනවශ්‍ය ලෙස මැදිහත් වීමෙන් වළකින්න.
14. පවුලේ හා සමාජයේ වගකීම් ඉටු කරන්න. තමන් මත පැවරෙන වගකීම් අවංකව ඉටු කරමින් දරුවන්ගේ, වැඩිහිටියන්ගේ සහ අවශ්‍යතා ඇති අයගේ යහපත සලකා බලන්න.
15. නීතියට හා සාධාරණ ක්‍රියාපටිපාටියට ගරු කරන්න. ගැටලුවක් ඇති වූ විට පෞද්ගලික පළිගැනීම් වෙනුවට සාමකාමී සහ නීත්‍යනුකූල ක්‍රම භාවිත කරන්න.
16. තම වැරදි පිළිගෙන නිවැරදි කරන්න. සිදු වූ හානිය හැකි පමණින් යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කරන්න. අවංකව සමාව ඉල්ලා, නැවත එවැනි ක්‍රියාවක් නොකිරීමට කටයුතු කරන්න.
17. සමාජයේ සාධාරණ නීති පිළිපදින්න. සාමාජිකයන්ට එකසේ අදාළ වන නීති ගරු කරන්න. නීති උල්ලංඝනයක් පිළිබඳ චෝදනාවක් එල්ල වූ විට, කරුණු විමසීමේ සාධාරණ අවස්ථාවක් ලබා දිය යුතුය.
18. කරුණු විමර්ශනයට සහය වන්න. සාමාජිකයෙකුගේ හැසිරීම පිළිබඳ පැමිණිල්ලක් ලැබුණු විට, සාක්ෂි හා කරුණු පරීක්ෂා කිරීමෙන් පසු පමණක් තීරණ ගන්න.
3. සාමාජිකයන් විසින් අනිවාර්යයෙන් පිළිපැදිය යුතු ප්රභූන්ට ගෞරව කිරීමේ රීති
19. යහපත් සමාජයේ සාමාන්‍ය සාමාජිකයන් විසින් ප්‍රභූ ජනතාව වෙත, ආරච්චිල මහත්ම මහත්මීන් වෙත, කෝරාල මහත්ම මහත්මීන් වෙත, දිසාවේ උතුමන්ලා සහ උත්තමාවියන් වෙත, අධිකාරම් උතුමන්ලා හා උත්තමාවියන් වෙත සහ මහා අදිකාරම් උතුමාණන් / උත්තමාවිය වෙත ගෞරව කළ යුතුය.
20. යහපත් සමාජයේ ප්‍රභූ සාමාජිකයන් විසින් ආරච්චිල මහත්ම මහත්මීන් වෙත, කෝරාල මහත්ම මහත්මීන් වෙත, දිසාවේ උතුමන්ලා සහ උත්තමාවියන් වෙත, අධිකාරම් උතුමන්ලා හා උත්තමාවියන් වෙත සහ මහා අදිකාරම් උතුමාණන් / උත්තමාවිය වෙත ගෞරව කළ යුතුය.
21. යහපත් සමාජයේ ආරච්චිල මහත්ම මහත්මීන් විසින් කෝරාල මහත්ම මහත්මීන් වෙත, දිසාවේ උතුමන්ලා සහ උත්තමාවියන් වෙත, අධිකාරම් උතුමන්ලා හා උත්තමාවියන් වෙත සහ මහා අදිකාරම් උතුමාණන් / උත්තමාවිය වෙත ගෞරව කළ යුතුය.
22. යහපත් සමාජයේ කෝරාල මහත්ම මහත්මීන් විසින් දිසාවේ උතුමන්ලා සහ උත්තමාවියන් වෙත, අධිකාරම් උතුමන්ලා හා උත්තමාවියන් වෙත සහ මහා අදිකාරම් උතුමාණන් / උත්තමාවිය වෙත ගෞරව කළ යුතුය.
23. යහපත් සමාජයේ දිසාවේ උතුමන්ලා සහ උත්තමාවියන් විසින් අධිකාරම් උතුමන්ලා හා උත්තමාවියන් වෙත සහ මහා අදිකාරම් උතුමාණන් / උත්තමාවිය වෙත ගෞරව කළ යුතුය.
24. යහපත් සමාජයේ අධිකාරම් උතුමන්ලා සහ උත්තමාවියන් විසින් මහා අදිකාරම් උතුමාණන් / උත්තමාවිය වෙත ගෞරව කළ යුතුය.
( මෙහිදී උස් හඬින් කතා නොකිරීම, අවස්ථාව ලබාදීම, ළයට ළය නොතැබීම ගෞරව කිරීම යන්නෙන් අදහස් කෙරේ )